Sri Lanka
මීටර් සීයේ ධාවන තරඟයකට සැරසෙන අපේ ජනමාධ්‍ය ඇමති තුමා !
42 | 2025-10-07 07:02 AM

මීටර් සීයේ ධාවන තරඟයකට සැරසෙන අපේ ජනමාධ්‍ය ඇමති තුමා !

ඖෂධ හිඟයට පිළියම් සෙවීමේ දී එයට බාධා වී ඇත්තේ පවතින සමහර නීති ඊති රෙගුලාසි බවත් එය බ්‍රිතාන්‍ය සමයේ සිට පැවත එන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ධූරයෙහි වැඩ විසූ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආරම්භ කළ රෝහල් සේවා මණ්ඩලයේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීම ඇමති වරයා එසේ කීය. ඇමතිවරයා මෙහි දී මෙසේ ද කීය. රජයේ කටයුතු සිදු කරන විට එය මීටර් සියය දුවනවා සේ අති වේගවත්ව සිදු කිරීමට නොහැකි බවත් එය මීටර් සියය අතර කඩුළු දුවනවා සේ සිදු කළ යුතු කාර්යක් බව වෙන බව ද ඒ මහතා කීය. ඖෂධ හිඟයට පිළියම් සෙවීමේ දී එයට බාධා වී ඇත්තේ පවතින සමහර නීති ඊති බවත් තුනෙන් දෙකේ බලයක් තබා ගෙන එම නීති ඊති වෙනස් කිරීමට නො හැකිද යන්න කෙනෙකුට ගැටළුවක් සේ පැන නැගිය හැකි බව ද පැවසී ය. එම කටයුතු කිරීමට තිබෙන සමහර නීතිත් රෙගුලාසිත් බැලූවිට සමහර ගැටළු අද ඊයේ පැණ නැගුණු ඒවා නොව බ්‍රිතාන්‍ය සමයේ සිට පැවත එන එ්වා බව අමාත්‍යවරයා පැවසීය. එය වෙනස් කිරීමට උත්සහ දැරිය යුතු බවත්, නමුත් එය එකිනෙකට සම්බන්ධව බැවින් ඉතා කල්පනාකාරීව සිදු කල යුතු බව පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති යාන්ත්‍රණය, සේවාව යම් ස්ථාවරත්වයකට ගෙන විශ්වාසය ගොඩනැගීම තමන් වෙත පැවරුණු පළමු කාර්ය බව පැවසූ අමාත්‍යවරයා මෙවැනි ආකාරයේ පරිත්‍යාග විධිමත් කිරීමට ද අවධානය යොමු කරන බව පැවසීය. සෞඛ්‍ය සේවාව පවත්වා ගෙන යාමේ දී රටේ පවතින සමහර නීති ඊති එලෙසම අනුගමනය කරමින් සහ කාලයම ගනිමින් සමහර හදිසි ගැටළු වලට විසදුම් සෙවීමට නො හැකි බව ද ඔහු කීය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ