Sri Lanka
ආණ්ඩුව සියලු බලවේග අමනාප කරගෙන - දිලිත්
16 | 2026-02-11 03:20 PM
ආණ්ඩුව සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන සියලු බලවේග මේ වනවිට අමනාප කරගෙන ඇතැයි සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. කොත්මලේ නියම්ගම්දොර පුරාණ රජමහා විහාරයට අද (11) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය. "යන යන හැමතැනම කරුණු දෙකක් ඉදිරිපත් වෙනවා. යම් හෝ ආධාරයක් දෙවානම් ඒක සම්පූර්ණ දේශපාලන පදනම මත දෙනවා කියන චෝදනාව. ඒක තවත් දරුණුම කාරණාව තමයි විරුද්ධ දේශපාලන මත දරණ අයට මේ දඬුවම් කිරීමේ ක්‍රමවේදයට තමයි දැන් යනවා වගේ පෙන්නේ. වැදගත්ම කාරණය තමයි. ජනාධිපතිවරයා මිනිස්සුන්ට බලාපොරොත්තුවක් ලබාදුන්නා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ටකරමක් ගියත් අපි ලක්ෂ 5ක් දෙනවා කියලා. දැන් ජනාධිපතිවරයා මතක තියාගන්න ඕනේ එතුමා වේදිකාවල කතාකරන අනුර කුමාර නොවන බව ඇත්තම කිව්වොත් මේ වෙලාවේ රජය ආණ්ඩුව සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන සියලුමදෙනා අමනාප කරගෙන ඉන්නේ. විපක්ෂය මේ වෙලාවේ තමයි එකමුතුව එක්ව හඬක් නගන්නට ඕනේ. ඒක තමයි මම යෝජනා කරන්නේ. අඩුම තරමේ මේ මැයි දිනයේදීවත් මේ රජයට එක් හඬකින් කියන්න ඕනේ මේක ඉදිරියට කරගෙන යන්න බැහැ කියලා"

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ