Sri Lanka
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක තවදුරටත් රිමාන්ඩ්
15 | 2026-02-11 05:00 PM
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙබරවාරි මස 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය. බ්‍රිතාන්‍යයේ පුද්ගලික සංචාරයක නිරත වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රුපියල් ලක්ෂ 162කට අධික මුදලක් අනුමත කිරීම තුළින්, එම වරදට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට සමන් ඒකනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය. ඒ අනුව ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙම නියෝගය නිකුත් කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ