Sri Lanka
කාන්තාවක් රවටා මුදල් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට
16 | 2026-02-11 05:30 PM
අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයා ගත හැකි බව පවසමින් කාන්තාවක් රවටා මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මගින් ආරම්භ කළ විමර්ශනයට අදාළව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30ක් වන කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු හා වයස අවුරුදු 38ක් වන කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. මෙම සැකකරුවන් දෙදෙනා අදාළ කාන්තාව රවටා රුපියල් 6,105,600ක මුදලක් වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. පොලීසිය පැවසුවේ එම මුදලින් සැකකරුගේ නමින් ඇති ගිණුමකට රුපියල් 1,500,000ක මුදලක් වංචනිකව බැර කර එකී ගිණුම නොදන්නා පාර්ශවයක් වෙත මුදලට අලෙවි කර ඇති බවට ද අනාවරණය වී ඇති බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ