Sri Lanka
උණුසුම් පුවත්
ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ පස් වැනි සමාලෝචනය සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට, හැකි ඉක්මනින් IMF නියෝජිතයින් කණ්ඩායමක් යළි දිවයිනට පැමිණීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකාවේ IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපාජෝජියෝ මහතා පවසයි.
23 | 2026-01-29 02:18 PM
ජනවාරි 31 වැනිදා සිට පෙබරවාරි පළමුවැනිදා දක්වා කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
21 | 2026-01-29 02:13 PM
අද දිනයේ (29) දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 5.3 ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
27 | 2026-01-29 02:12 PM
කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හය දෙනාගෙන් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.‍
21 | 2026-01-29 02:11 PM
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව සිදුකරන විමර්ශනයකට අදාළ පැමිණිල්ල යළි ජූලි මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
27 | 2026-01-29 11:27 AM
කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් 6දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා අද (29) අධිකරණයට රැගෙනවිත් තිබේ.
29 | 2026-01-29 11:26 AM
ඉතිහාසයේ පළමු වරට ලෝක වෙ‍ෙළඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් තිබේ.
34 | 2026-01-29 11:24 AM
2025 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය ආදායම ඉහළ ගොස් තිබේ.
29 | 2026-01-29 11:23 AM
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කළ බව පොලීසිය දැනුම් දී තිබේ.
30 | 2026-01-29 11:22 AM
ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කාර් රථයක් සොරකම් කිරීම සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
25 | 2026-01-29 11:21 AM
පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීම තිබේ.
27 | 2026-01-29 11:18 AM
ඊයේ (28) දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.2 ක් ලෙස රත්නපුර කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
18 | 2026-01-29 11:15 AM
ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම නායකයෙකු ලෙස පිළිගැනෙන කර්ණාටක ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර හමුවක් ඊයේ (28) බැංගලෝර්හි පිහිටි මහ ඇමති නිල නිවසේදී සිදුව ඇත.
30 | 2026-01-29 11:13 AM
විදේශ කටයුතු‚විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ලිපි ශීර්ෂ වංචනික අයුරින් භාවිත කරමින් විදේශ රැකියා ජාවාරම් සිදුකළ පුද්ගලයෙකුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
27 | 2026-01-29 11:12 AM
හැටන් නගරයේ සිල්ලර වෙළෙසැලක් පවත්වාගෙන යෑමට නගර සභාවෙන් අනුමැතිය ඉල්ලා එම අනුමැතිය ලැබීමට ප්‍රථම එහි හිමිකරු විසින් ඊයේ (28) එහි මාළු සහ කුකුළු මස් අලෙවි කිරිමට විවෘත කිරිමත් සමග හැටන් නගරයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
25 | 2026-01-29 11:09 AM
හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර මධ්‍යයේ ඊයේ (28) පස්වරුවේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරින් පිරිසක් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පුද්ගලයකුට පහරදුන් කළුතර මහ නගර සභා මන්ත්‍රීවරයෙකු කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
30 | 2026-01-29 11:07 AM
කිසිදු දරුවකුගේ අධ්‍යාපනය තම දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බවත්, කිසිඳු දරුවෙකු අධ්‍යාපනයෙන් පිටමං නොවිය යුතු බවත් රජයේ විශ්වාසය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
34 | 2026-01-29 09:48 AM
වර්ථමානයේ රෝහලේ සිදු කරන ප්‍රතිකාර ඇතුළු සියලු සත්කාර තවදුරටත් කාර්යක්ෂම හා වර්ධනය කරගැනීම උදෙසා කාර්යමණ්ඩල අවශ්‍යතාවක් මතුව ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ පරිපාලන නිලධාරීන් පවසයි.
31 | 2026-01-29 09:45 AM
දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 22,000 ක් පමණ මිය යන අතර වසරකට රුපියල් බිලියන 225 - 240 ත් අතර මුදලක් රටට අහිමිව යන බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීන් පවසයි.
26 | 2026-01-29 09:44 AM
වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ඉල්ලමින් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සාධනීය මැදිහත්වීමක් සිදු නොකළහොත් එළඹෙන පැය 48ක කාලයෙන් පසුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
13 | 2026-01-29 09:43 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ