Sri Lanka
උණුසුම් පුවත්
කළුතර වස්කඩුව ප්‍රදේශයේ තැපැල් පෙට්ටිය අසල කානුවක තිබී සැක සහිත ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ.
10 | 2026-02-09 11:00 AM
හෙරොයින් ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 150ක් සමග පුද්ගලයකු ග්‍රෑන්පාස්, සිරිපාලපින්තු මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
47 | 2026-02-09 10:55 AM
තැපැල් ගාස්තු සංශෝධනයන් අද (09) සිට ක්‍රියාත්මක කරන බව තැපැල් දෙපාර්තමේන්තුව දන්වා සිටී.
12 | 2026-02-09 10:50 AM
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළවල් සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 32,000කට වැඩි මුදලක් ගොවීන්ට ගෙවා අවසන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
10 | 2026-02-09 10:45 AM
උඩවලව, තණමල්විල මාර්ගයේ මළබොටුආර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 13 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
11 | 2026-02-09 10:40 AM
තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බොරලන්ද රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් ඇති බවට හපුතලේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
10 | 2026-02-09 10:35 AM
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාදැල් ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (09) පස්වන දිනටත් ක්‍රියාත්මක කෙරෙයි.
13 | 2026-02-09 10:30 AM
ජපාන අගමැතිනි සනයි තකයිචිගේ නායකත්වයෙන් යුත් ජපාන පාලක පක්ෂය මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
9 | 2026-02-09 10:25 AM
මත්ද්‍රව්‍ය භාවිතා කරන බස්රථ රියදුරෙකු හෝ කොන්දොස්තරවරයෙකු හඳුනාගැනීමට හැකි වුවහොත් එම බස් රථයේ හිමිකරුගේ මාර්ග බලපත්‍රය අහෝසිකරීමට කටයුතු කරන බවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
11 | 2026-02-09 10:20 AM
අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරු සම්බන්ධයෙන් ද්වේෂ සහගතව කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාස කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝණය කිරීම යන චෝදනාවලට වරදකරු කළ නීතිඥ භාවය අත් හිටුවා තිබෙන සුසිල් ජයතුංග මහතාට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ.
11 | 2026-02-09 10:15 AM
ළමා අපයෝජන සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි මහාධිකරණවල 4,000කට අධික නඩු සංඛ්‍යාවක් මේ වන විට පවරා ඇති බව ජාතික ළමාආරක්ෂක අධිකාරිය පවසයි.
10 | 2026-02-09 10:05 AM
බේරුවල ප්‍රදේශයේ නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
12 | 2026-02-09 10:00 AM
ශ්‍රී ලංකා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (HPP)" සඳහා මේ දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 22.4 ක් ආධාර ලැබී ඇති බව මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසයි.
12 | 2026-02-09 09:50 AM
ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රදේශයේ හක්ක පටස් කෑ වනඅලියෙකු මියගොස් තිබේ. මොරවැව D-9 යාය ප්‍රදේශයේ වැටී සිටියදී මෙම වනඅලියා සොයාගෙන ඇත.
14 | 2026-02-09 09:40 AM
මීගමුව, දුන්ගල්පිටිය ප්‍රදේශයේ වෙරළට ඇතුල්වන මාර්ගයක් අසල සඟවා තිබූ රිවෝල්වර ගිනි අවියක් පෙරේදා (07) සොයාගෙන තිබේ.
12 | 2026-02-09 09:30 AM
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අද (09) ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.
11 | 2026-02-09 09:20 AM
වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ගොනු කර තිබූ පැමිණිල්ල විභාග කිරීම සඳහා එම කොමිෂන් සභාව තීරණය කර තිබේ.
11 | 2026-02-09 09:10 AM
මැලේසියාවේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් අතර ඊයේ (08) ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.
11 | 2026-02-09 09:00 AM
ගාල්ල දෙවට හන්දිය ප්‍රදේශයේ පැරැණි යකඩ එක්රැස්කරන වෙළඳසැලක ගින්නක් හටගෙන තිබේ.
12 | 2026-02-09 08:50 AM
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තියට අදාළ කැබිනට් යෝජනාව විෂය බාර අමාත්‍යවරයා විසින් අද(09) දිනයේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
11 | 2026-02-09 08:40 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ