Sri Lanka
උණුසුම් පුවත්
ඉදිරි මාස තුන ඇතුළත වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
13 | 2026-02-09 08:30 AM
බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝමධාතු කඩා සොරා ගන්නා සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් ඊයේ (08) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
11 | 2026-02-09 08:20 AM
ගම්පහ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් තිදෙනෙකු විසින් රජයේ කොන්ත්‍රාත් තමන්ගේ නමින් සිදුකර මුදල් වංචා කර ඇති බව එම ප්‍රාදේශීය සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් චෝදනා කර තිබේ.
13 | 2026-02-09 08:10 AM
12 වන යොවුන් සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගත් රුමිර පියසිරි ඊයේ (08) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.
13 | 2026-02-09 08:06 AM
අද (09) දිනයේ ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස 2න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
18 | 2026-02-09 07:30 AM
ඩයගම සිට හැටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද ලංගම බස් රථයේ රියදුරාට එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් පහරදී තිබේ.
14 | 2026-02-07 05:30 PM
"ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන 'අරුණු දොර' ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ තෝරාගත් පළාත් පාලන ආයතන 10ක් සඳහා ජංගම පුස්තකාල රථ බෙදා දීමේ සමාරම්භක උත්සවය අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
14 | 2026-02-07 05:15 PM
සුරාබදු ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල්කරණ සහ නව්‍යකරණ වැඩපිළිවෙළට සුරාබදු දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
15 | 2026-02-07 05:00 PM
පරිගණක ආශ්‍රිත අපරාධ (Cyber Crime) වැළැක්වීම සඳහා නව පොලිස් කොට්ඨාසයක් පිහිටුවීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
13 | 2026-02-07 04:45 PM
රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිව සිටි පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් තරුණයෙකු ඝාතනය කර තිබේ.
16 | 2026-02-07 04:40 PM
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
15 | 2026-02-07 04:35 PM
කුරුඳු නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 260ක (රු. කෝටි 8,000කට ආසන්න) ආදායමක් උපයා ගැනීමට හැකිවූ බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
15 | 2026-02-07 04:25 PM
ගලහා, නවනැලිය කිරිබෝගහඉන්න ප්‍රදේශයේදී විදුලි සැර වැදී මවක් සහ දියණියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
14 | 2026-02-07 04:20 PM
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
15 | 2026-02-07 04:15 PM
2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 300,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
15 | 2026-02-07 04:10 PM
මඩකලපුව, කුඩුම්බිමලෛ ප්‍රදේශයේ පොළොව යට වළ දමා තිබිය දී ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් ලෝන්චර් (Rocket Launcher) වර්ගයේ ගිනිඅවි 3ක් සොයා ගෙන තිබේ.
17 | 2026-02-07 04:00 PM
පුළුල් පරාසයක විහිදුණු කුළුණු 5ක් ඔස්සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉදිරි වසර 3 තුළ දී අනෙක් ශ්‍රේණිවලද ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිත බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
17 | 2026-02-07 03:55 PM
ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම ගැනීමට අයදුම් කර ඇති සේවක පිරිස විසින් අතිපූජ්‍ය මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහා නාහිමිපාණන් වහන්සේලා වෙත ලිපියක් යොමු කර තිබේ.
15 | 2026-02-07 03:52 PM
දිට්වා' නිසා මව-පියා හෝ දෙදෙනාම අහිමි දරුවන් 103ක් සිටින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.
15 | 2026-02-07 12:35 PM
පාර්ලිමේන්තු මන්ත‍‍්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පෙබරවාරි 17 වන දින විවාදයට ගෙන එදිනම සම්මත කිරීමට කටයුතු කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
17 | 2026-02-07 12:30 PM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ