Sri Lanka
උණුසුම් පුවත්
සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී භූපේන්ද්‍ර රජනිකාන්ත් පටෙල් (Shri Bhupendra Rajnikant Patel) අතර හමුවක් සිදුව තිබේ.
12 | 2026-02-10 01:15 PM
දිවයින පුරා ක්‍රියාත්මක 'රටම එකට' ජාතික මෙහෙයුම මගින් පුද්ගලයින් 802ක් අත්අඩංගුවට ගෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
14 | 2026-02-10 01:10 PM
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩල සභාපතිවරයා විසින් නිකුත් කළ ලිපිය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
13 | 2026-02-10 01:05 PM
අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට බලපෑ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.
14 | 2026-02-10 01:00 PM
ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.
6 | 2026-02-10 12:55 PM
ශ්‍රී ලංකාවේ ඉල්ලීම ධනාත්මකව සලකා බැලීම සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතාට, විදේශ අමාත්‍යාංශය ඇතුළු පාකිස්තාන රජයට මෙන්ම පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට ස්තූතිවන්ත වෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
8 | 2026-02-10 12:50 PM
ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය අඛණ්ඩව අද (10) හයවන දිනටත් ක්‍රියාත්මක කෙරෙයි.
10 | 2026-02-10 12:45 PM
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ හයක් වටිනා විසිතුරු මල් පැළ තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (10) අලුයම රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් එක්ව අත්අඩංගුවට ගෙන තිබේ.
10 | 2026-02-10 12:40 PM
ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
10 | 2026-02-10 12:35 PM
පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ආවා කල්ලියේ සාමාජිකයින් දෙදෙනා දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මධ්‍යම අපරාධ කාර්යංශය අවසර ලබාගෙන තිබේ.
11 | 2026-02-10 08:55 AM
සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කළහොත් දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි බල වෘත්තීය සමිති පවසයි.
11 | 2026-02-10 08:45 AM
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය විසින් යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරය 2026 පෙබරවාරි 12 වැනි දින කොළඹදී පවත්වනු ලැබේ.
10 | 2026-02-10 08:30 AM
යෝජිත අධ්‍යාපන සභාව ස්ථාපනය සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් පත් කෙරුණු විද්වත් කමිටුවේ වාර්තාව, අධ්‍යාපන සභාව ස්ථාපනය සඳහා වූ පාර්ලිමේන්තු අනු කමිටුව විසින් අනුමත කර තිබේ.
10 | 2026-02-10 08:25 AM
ධීවර වරායන් හී ගොඩගැසී ඇති ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා රුපියල් මිලියන 56ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
10 | 2026-02-10 08:20 AM
2026 පෙබරවාරි මාසයේ පළමු දින 08 තුලදී සංචාරකයින් 80,776 ක් මෙරටට පැමිණ තිබේ.
9 | 2026-02-10 08:10 AM
ඊයේ (09) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.3 ක් ලෙස රත්නපුරය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
9 | 2026-02-10 08:05 AM
ලිබියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
13 | 2026-02-10 08:00 AM
ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ශ්‍රී ලංකාව සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස ෂැනන් කව්ලින් (Shannon Cowlin) මහත්මිය පත් කර තිබේ.
10 | 2026-02-10 07:55 AM
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 80ක් වටිනා කෘමි නාශක හා බීජ තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු හෙම්මාතගමදී අත්අඩංගුවට ගෙන තිබේ.
13 | 2026-02-10 07:45 AM
දෛනිකව නව පිළිකා රෝගීන් 100ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
9 | 2026-02-10 07:40 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ