Sri Lanka
උණුසුම් පුවත්
අපොස සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයේ ප්‍රවේශපත්‍ර භාගත කරගැනීම සහ සංශෝධනය කරගැනීම සම්බන්ධයෙන් විභාග කොමසාරි ජනරාල් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
36 | 2026-02-03 08:04 AM
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් සිදු කරයි.
42 | 2026-02-03 08:02 AM
අසත්‍ය චෝදනා එල්ල කරමින් මෙරට ධීවරයින් පිරිසකට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයට දැඩි විරෝධය පළ කරන බව ධීවර අමාත්‍ය රාමලින්ගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.
37 | 2026-02-03 07:59 AM
සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
43 | 2026-02-03 07:56 AM
පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබේ.
48 | 2026-02-03 07:53 AM
එක්සත් ජාතික පක්ෂය තම සංවිධාන ශක්තිය තාක්ෂණය සමඟ එක්කර ගනිමින්, නව ඩිජිටල් යුගයකට පා තබන විශේෂ ඩිජිටල් දියත් කිරීමක් 2026 පෙබරවාරි 04 වෙනි දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
43 | 2026-02-03 07:51 AM
පෑලියගොඩ මැනිං වෙළඳපොළ ඩිජිටල්කරණය කරමින් නව මාර්ගගත ගෙවීම් පද්ධතිය නිල වශයෙන් ආරම්භ කර තිබේ.
39 | 2026-02-03 07:50 AM
2013 වසරේදී සිදුවූයේ පැවසෙන ප්‍රශ්නගත එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (02) නියෝග කළේය.
43 | 2026-02-03 07:48 AM
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) රැස්වීමට නියමිතව තිබේ.
44 | 2026-02-03 07:34 AM
වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.
34 | 2026-02-02 04:19 PM
සමාජ මාධ්‍ය සහ වෙනත් මාර්ග ඔස්සේ විදේශ රැකියා අපේක්ෂිතයින් මිනිස් වෙළඳාමට හා විවිධ වංචාවන්ට හසුවීම වැඩි වශයෙන් දැකිය හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පවසයි.
30 | 2026-02-02 04:18 PM
ලෝක වෙළඳපොළේ රන් මිල පහත වැටීමත් සමඟ මෙරට රන් පවුමක මිල ද පහළ ගොස් තිබේ.
36 | 2026-02-02 04:15 PM
කැස්බෑ මස් කිලෝග්‍රෑම් දහතක් සහ බිත්තර තිස් නවයක් සහ ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
33 | 2026-02-02 04:13 PM
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
29 | 2026-02-02 04:10 PM
ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවලට විසදුම් නොලැබීම හේතුවෙන් අද (02) පෙරවරුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.
29 | 2026-02-02 04:09 PM
පසුගියදා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායට රැගෙන එන ලද රුපියල් කෝටි 300 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.
28 | 2026-02-02 04:07 PM
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගය නියෝජනය කරමින් චින්තක හේවාපතිරණ මහතා තේරී පත්ව තිබේ.
34 | 2026-02-02 12:02 PM
මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි, දැනට කැණීම් කටයුතු සිදු නොවන කොටිකම්බොක්ක ධමනි තිරුවානා නිධිය නිරීක්ෂණය කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (01) එක්ව තිබේ.
30 | 2026-02-02 12:01 PM
කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳුවුරේ සෙබලෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබේ.
34 | 2026-02-02 11:59 AM
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
31 | 2026-02-02 11:58 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ