Sri Lanka
උණුසුම් පුවත්
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, වෙනිසුවෙලා විදේශ කටයුතු අමාත්‍ය ඊවන් ගිල් පින්ටො මහතා සමග දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
23 | 2026-01-24 12:54 PM
දකුණු මුහුදේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ බහුදින ධීවර යාත්‍රා දෙකක් සහ සැකකරුවන් 11 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
21 | 2026-01-24 10:04 AM
2026 වසර ආරම්භ වූ පළමු 22 දින තුළ සංචාරකයින් 194,553 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
22 | 2026-01-24 09:59 AM
පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඇඹිලිපිටිය, වීරසිංහපුර ප්‍රදේශයේදී ඊයේ (23) පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ.
25 | 2026-01-24 09:57 AM
රාගම පොලිස් වසමේදී ඉකුත් දෙසැම්බර් මස 23වනදා T56 ගිනිඅවියක් සමගින් කාර් රථයක් දමා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යකර සිටි සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.
21 | 2026-01-24 09:56 AM
කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට රුපියල් මිලියන 197කට අධික වන්දි මුදලක් ලබාගැනීමට දෝහාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2025 වසරේදී සමත්වී තිබේ.
20 | 2026-01-24 09:52 AM
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රථම තාක්ෂණ සේවා හා ආධාරක මධ්‍යස්ථානය වවුනියාව විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ඊයේ (23) විවෘත කෙරුණි.
19 | 2026-01-24 09:50 AM
දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය පිරවූ බහුදින ධීවර යාත්‍රා 2ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
18 | 2026-01-24 09:49 AM
රජයේ වෛද්‍යවරු විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
23 | 2026-01-24 09:47 AM
පාර්ලිමේන්තුව ලබන මස 03, 05 සහ 6 යන දිනවල රැස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
20 | 2026-01-24 09:44 AM
අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුවිය යුතු බවට රටේ ජනතාව තීරණය කළ පසු තමා ඉන් ඉවත් වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
20 | 2026-01-24 09:39 AM
පෞද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීම වෙනුවෙන් රජය අවධානය යොමුකර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
17 | 2026-01-24 09:36 AM
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වී බදුල්ල දිස්ත්‍රිකයේ "සුරක්ෂා" කදවුරුවල රැදී සිටින ජනතාව වෙත අත්‍යාවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට විශේෂඥ වෛද්‍යවරුන් 05දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඊයේ (23) මෙරටට පැමිණ තිබේ.
19 | 2026-01-24 09:33 AM
කොළඹ වරාය නගරයේ බලයලත් තැනැත්තන් (Authorized person) පත් කිරීමේ බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමුව තිබේ.
19 | 2026-01-24 08:38 AM
ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරන බව එම මණ්ඩලය පවසයි.
18 | 2026-01-24 08:36 AM
විශ්වවිද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මත වී තිබේ.
20 | 2026-01-24 08:35 AM
කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ මත්තමගොඩ, තලෝවිට ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.
18 | 2026-01-24 08:34 AM
ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත් කිරීමට ආග්‍රාමාත්‍යවරියගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාව ලැබී තිබේ.
25 | 2026-01-24 08:33 AM
විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහතා ලබන මස හයවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
21 | 2026-01-23 05:15 PM
2026 වසරේ ගත වූ දින 22 තුළ විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 480 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
24 | 2026-01-23 05:03 PM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ