Sri Lanka
උණුසුම් පුවත්
විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහතා ලබන මස හයවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
34 | 2026-01-23 05:15 PM
2026 වසරේ ගත වූ දින 22 තුළ විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 480 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
35 | 2026-01-23 05:03 PM
ඉදිරි පැය 36දී උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
35 | 2026-01-23 05:01 PM
හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි උභය පාර්ශ්වයේ මහා නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබාගෙන තිබේ.
33 | 2026-01-23 05:00 PM
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ දිනක වැටුප දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ.
32 | 2026-01-23 02:40 PM
රටම එකට ජාතික මෙහෙයුම යටතේ සිදුකරන දෛනික සෝදිසි මෙහෙයුම්වලට අදාළව ඊයේ (22) දිනයේදී පුද්ගලයින් 819ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
37 | 2026-01-23 02:38 PM
ආපදාවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
37 | 2026-01-23 02:35 PM
ඉල්ලීම කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ආරම්භ කළ පැය 48ක වැඩ වර්ජනය මේ වනවිට ක්‍රියාත්මක වේ.
33 | 2026-01-23 02:34 PM
හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ අනූෂ පැල්පිට මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
35 | 2026-01-23 02:32 PM
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
37 | 2026-01-23 02:31 PM
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබෙන බව අල්ලස් කොමිසම අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.
41 | 2026-01-23 02:28 PM
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධව හිටපු කථානායකවරයෙකු වූ කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
37 | 2026-01-23 12:22 PM
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික හමුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණියාය.
35 | 2026-01-23 12:21 PM
පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැංවීම සඳහා රජය විසින් ආරම්භ කළ Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
35 | 2026-01-23 12:19 PM
රාගම නගරය කේන්ද්‍ර කරගනිමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලැසුම් කර ඇති බව ප්‍රවාහන, මහා මාර්ගය සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
35 | 2026-01-23 12:17 PM
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
36 | 2026-01-23 12:16 PM
අද (23) අලුයම් කාලයේදී දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 5.0ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
38 | 2026-01-23 12:14 PM
පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබේ.
39 | 2026-01-23 12:13 PM
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,900 සීමාව ඉක්මවා ගොස් තිබේ.
34 | 2026-01-23 12:11 PM
මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන මගී බස් රථ රියදුරන් සහ රිය සහායකයින් හඳුනා ගැනීම සඳහා පසුගිය 21 වැනිදා ආරම්භ කළ ජංගම රසායනාගාරය මගින් පරීක්ෂා කළ බස් රියදුරන් 56 දෙනෙකුගෙන් 10 දෙනෙකුම විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවූ බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
38 | 2026-01-23 09:08 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ