Sri Lanka
උණුසුම් පුවත්
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තමරා කුමාරි අබේරත්න නමැති නීතිඥවරිය සම්බන්ධයෙන් අනාවරණය කරගත් කරුණු කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (5) අධිකරණයට දැනුම් දී තිබේ.
16 | 2026-02-05 06:30 PM
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි සහිත තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
15 | 2026-02-05 06:00 PM
කොළඹ මෝදර මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක පිටත බිත්තියකින් කඩා වැටුණු සිමෙන්ති බදාමයක කොටසක් හිසට කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
13 | 2026-02-05 05:30 PM
නව විගණාකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා ජයරත්න මහත්මිය අද (5) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්නාය.
19 | 2026-02-05 05:00 PM
උරහිසේ ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීම අවිනිශ්චිත බව වාර්තා වේ.
17 | 2026-02-05 04:33 PM
දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ හා අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන ආරම්භ කිරීම, වන්දි ප්‍රදානය කිරීම සහ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක කටයුතු ඇරඹීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (06) මහනුවරදී සිදු කිරීමට නියමිතය.
18 | 2026-02-05 04:00 PM
පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය බිල සියයට 30කින් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.
15 | 2026-02-05 03:55 PM
ගෝලීය ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda වෙබ් අඩවිය මේ වසර සඳහා නම් කළ ''හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට'' ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි නුවරඑළියත් ඇතුළත් කර තිබේ.
22 | 2026-02-05 03:50 PM
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2025 වසර තුළ වාර්තාගත ගුවන් මගීන් සංඛ්‍යාවක් මෙහෙයවීමට සමත් වී ඇති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසයි.
21 | 2026-02-05 03:45 PM
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් මෙරටට වැඩම කරවූ දෙව්නිමෝරි සර්වඥධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා අද (05) උදෑසන සිට මේ දක්වා විශාල සැදැහැවතුන් පිරිසක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණෙන බව සිව්දෙස වාර්තාකරු පවසයි.
15 | 2026-02-05 03:40 PM
විදෙස්ගතව සිටින ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයන් සිව්දෙනකු විසින් ඔවුන්ගේ ඉදිරි සැලසුම්, අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ කරුණු සම්බන්ධයෙන් සිදුකරන සමූහ දුරකථන සංවාදයක් ඇතුළත් හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග පොලීසියේ අවධානය ඒ වෙත යොමුව තිබේ.
16 | 2026-02-05 03:35 PM
මුතුරාජවෙල තෙත්බිම් කලාපය රැකගැනීම සඳහා මුතුරාජවෙල සංවර්ධන අධිකාරිය නමින් ආයතනයක් පිහිටුවන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටියි.
14 | 2026-02-05 03:30 PM
නව විගණාකාධිපති ලෙස තෙරි පත් වූ සමුදිකා ජයරත්න මහත්මිය අද (05) එම ධුරයේ වැඩ භාර ගෙන තිබේ.
15 | 2026-02-05 03:25 PM
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ මස අග ඉන්දියාවේ සංචාරයක් සිදු කිරීමට නියමිතව තිබේ.
16 | 2026-02-05 03:20 PM
ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන හා ඒඩ්ස් මර්දන වැඩසටහන යටතේ සායන 41ක් දිවයින පුරා පවත්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
17 | 2026-02-05 03:12 PM
2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා කැරම්බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන...
7 | 2026-02-05 11:50 AM
කොළඹ, ආදුරුප්පුවීදිය පොලිස් වසමේ කදිරේෂන් වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.
7 | 2026-02-05 11:40 AM
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (05) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි.
9 | 2026-02-05 11:35 AM
කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉතාමත් ප්‍රශංසනීය බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවට තම ස්තූතිය පිරිනමන බවත් කොරියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලී හැක් යංග් පවසයි.
8 | 2026-02-05 11:30 AM
අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පිහිණුම් තටාකයක ගිලී පුද්ගලයෙකු මියගොස් තිබේ.
16 | 2026-02-05 11:25 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ