Sri Lanka
උණුසුම් පුවත්
මතුගම පොලීසියේ පිස්තෝලයක් සහ පතොරම් 10ක් සමඟ මැගසිනයක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
16 | 2026-02-02 11:53 AM
හලාවත කුරුණෑගල මාර්ගයේ ඉහළ කොස්වත්ත ප්‍රදේශයේදී හලාවත දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ ගමන් කළ ළමුන් දෙදෙනෙකුගේ ගැටී සිදු වූ අනතුරෙන් එක් දරුවෙකු මියගොස් තිබේ.
17 | 2026-02-02 11:52 AM
පුත්තලම පොලීසියේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය විසින් සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 524ක් සන්තකයේ තබාගෙන සිටි අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.
11 | 2026-02-02 11:51 AM
2020 වසරේ කැඳවනු ලැබූ අයදුම් පත්‍රවලට අනුව සහකාර පොලිස් අධිකාරී ධූර සදහා සිදු කෙරුණු උසස් වීම් අභියෝගයට ලක් කරමින් එම උසස්වීම් නොලද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 145 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් දීර්ඝ විභාගයකින් අනතුරුව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ.
13 | 2026-02-02 11:49 AM
ඉන්දියාවේ සිට එළැඹෙන 04වනදා වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා 05වනදා උදෑසන 06.00 සිට 11වනදා පෙරවරු 07.00 දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.
11 | 2026-02-02 11:43 AM
ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී තිබේ.
14 | 2026-02-02 11:39 AM
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරන ක්‍රියාවලිය අවසන් කරන දිනය ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමට ඉලලුම් කර ඇති 2,000කට අධික පිරිසක් මේ වන විට දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව විදුලි වෘත්තීය සමිති පවසයි.
19 | 2026-02-02 11:38 AM
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්‍ර කරන බව එම සංගමය පවසයි.
17 | 2026-02-02 11:37 AM
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
15 | 2026-02-02 11:35 AM
කොළඹ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ලංකා පාසල් සංවර්ධන නිලධාරින් විසින් සිදු කරණ මාරාන්තික උපවාසය සඳහා ඊයේ (01) රාත්‍රියේ තවත් පුද්ගලයෙක් මෙම උපවාසයට එක්විය.
15 | 2026-02-02 11:32 AM
ඊයේ(01) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.4 ක් ලෙස රත්නපුරය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
18 | 2026-02-02 09:13 AM
තම සංගමයේ කිසිදු වෛද්‍යවරයෙකු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
17 | 2026-02-02 09:04 AM
ඉන්දිය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් මෙරට ධීවරයින්ට සිදුකරන පහරදීම් සම්බන්ධයෙන් රජයේ කඩිනම් අවධානය යොමු විය යුතු බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය පවසයි.
21 | 2026-02-02 08:50 AM
කොළඹ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ නිරතව සිටින අවසන් පාසල් සංවර්ධන නිලධාරියා ද ඊයේ රෝහල්ගත කර තිබේ.
19 | 2026-02-02 08:48 AM
ස්ථානමාරුවීම් ලද වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී මතුවන ගැටලු නිරාකරණය සඳහා මැදිහත් වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
14 | 2026-02-02 08:45 AM
මතුගම පොලිස් ස්ථානයේ පිස්තොල අවියක් සහ උණ්ඩ 10ක් අස්ථාන ගත වී ඇති බව පොලීසිය පවසයි.
12 | 2026-02-02 08:44 AM
මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීමේ චෝදනාවකට පුද්ගලයින් සිව්දෙනෙකු මහඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
15 | 2026-02-02 08:43 AM
කාන්තාවන් රාත්‍රී කාලයේ සනීපාරක්ෂක සේවිකාවන් සහ ආහාරපාන පිළිගන්වන සේවිකාවන් වශයෙන් සේවයේ ‍යෙදවීමට අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
19 | 2026-02-02 08:39 AM
අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමට ගිය බස් රථයක් අත්තිරිංගය භාවිත කරමින් නතර කරගැනීමට එහි රියදුරු සමන් තිලකසිරි මහතා සමත්වී තිබේ.
19 | 2026-02-02 08:35 AM
මැදපෙරදිග කලාපය හරහා ඇතිවෙමින් පවතින උණුසුම් ආරක්ෂක ප්‍රවණතා පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී තිබේ.
21 | 2026-01-31 08:40 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ